සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ දෙකක කළ වැටලීම් වලින් හෙරොයින් සමග තිදෙනෙකු දැලේ, කාන්තාවකුත් ඒ අතර..

Podu Jana Peramunaප්‍රදේශ දෙකකදී සිදුකරන ලද වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 157යි මිලිග්‍රෑම් 260 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට පත් තිදෙනා අතරින් එක් අයෙකු කාන්තාවක් වන අතර අතුරුගිරිය සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශ වලදී සිදුකළ අදාළ වැටලීම් සිදුකර ඇත. ඒ අනුව අතුරුගිරිය ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය නිලධාරීන් විසින් හෙරොයින් සමඟ කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබේ. සැකකරුවන් අද අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට