සත්‍යයේ පුවත් අඩහැරය….

ජිනීවාහිදි මංගල 30, 1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් රට යළි ගොඩගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව අවසන් – ගෝලීය ශ්‍රී ලංකික සංසදය

Podu Jana Peramunaජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් 30, 1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා මේ වන විට ශ්‍රී ලංකාව යළි ගොඩගැනීමට නොහැකි ආකාරයේ තත්ත්වයකට පත්ව ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට අවශ්‍ය වටපිටාව සැකසුනේදී මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා බවත් ගෝලීය ශ්‍රී ලංකික සංසදය අවධාරණය කර සිටියි. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා පහත පරිදි කරුණු සදහන් කරන ලදී. මංගල සමරවීර මහතා කියනවා මෙරට හමුදාවන්ට අවශ්‍ය සියළු පහසුකම් සහ වරප්‍රසාද ලබාදී ඇති බව. නමුත් අද වන විටත් තමන්ගේ විශ්‍රාම වැටුපවත් නොලැබෙන විශ්‍රාමික හමුදා සාමාජිකයින් ඉන්න බව මංගල සමරවීර මහතාට අවධාරණය කරනවා. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මෙනම් බලහත්කරයෙන් පැහැරගෙනයා සම්බන්ධයෙන් වන ගිවිසුම් සදහා අත්සන් කරන ලද්දේ ද 30, 1 යෝජනාවට අනුව වන අතර ඒ හරහා සාක්ෂි ආඥාපනතට පටහැනිව හමුදා සාමාජිකයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන විවිධ අසත්‍ය චෝදනා එල්ලකර හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සිරගත කිරීමට ආණ්ඩුව කටයුතු කළා. මේ වන විට ඇමෙරිකාව වෙනුවෙන් අපට චෝදනා එල්ලකරන්නේ එංගලන්තයයි. 1818 සිට මෙරට සිංහලයින් සමූල ඝාතනය කළ එංගලන්තයට, මෙවැනි චෝදනා එල්ලකරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. 30, 1 යෝජනාවෙන් වහාම ඉවත්වන්නැයි බලධාරීන්ට අවධාරණය කරන අතර මෙරට හමුදා සාමාජිකයින්ගේ අනාගතය නිරවුල්වී ජීවිත සුරක්ෂිත වන්නේ එවිටයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද පහත පරිදි සිය අදහස් දක්වා සිටියේය.

සිංහල ජාතිකයින්ගේ ඡන්ද වෙතින් පමණක් ජනාධිපතිවරයෙකු පත්කරගැනීමේ සිහිනය බිදදැමිය යුතු බව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරලා කිබෙනවා. කුරුණෑගල රෝහලේ මොහොමඩ් සාෆි වෛද්‍යවරයා නිදහස් කරන්න ආණ්ඩුව උත්සහ කරමින් සිටිනවා. නමුත් එහෙම කරන ආණ්ඩුව බොරු චෝදනා එල්ලකර මෙරට රණවිරුවන් සිරගත කරන්න කටයුතු කරලා අවසන්. සාෆි වෛද්‍යවරයාට මෙරට අධිකරණයකින් දඩුවම් නුදුන්නොත් කවදාහරි ජාත්‍යන්තර අධිකරණයක් මගින් හෝ දඩුවම් ලබාදීමට අපි කටයුතු කරනවා.

මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ද සහභාගිවී අදහස් පළකරන ලදී.

මංගල තැබූ කළු පැල්ලම ඉවත්නොකර කවුරු ජිනීවා වලට ගියත්, ගිහින් කුමක් කළත් පළක් නෑ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් යැයි කියමින් ඉන් ඉවත්වීමට ඇමෙරිකාවට පුළුවන් වුනානම් ඇයි අපට බැරි 30, 1 යෝජනාවෙන් අයින්වෙන්න. ව්‍යාජ ප්‍රචාර සිදුකර දමිළ ඩයස්පෝරාවට ජාත්‍යන්තරය ජයගැනීමට හැකිවූයේ නම් සත්‍ය ප්‍රකාශ කරන අපටත් පුළුවන් ජාත්‍යන්තරය දිනාගන්න. එසේ ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන තත්ත්වයට ගෝලීය ශ්‍රී ලංකික සංසදය පත්කරගතයුතුයි. පසුගියදා එල්ල්වූ ත්‍රස්ත ප්‍රහාරයට ජාත්‍යන්තරය, ඉස්ලාම් අන්තවාදය, දමිළ ඩයස්පොරාව මෙන්ම මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවනුත් සම්බන්ධයි. එල්.ටී.ටී.ඊ සංවිධානය ශක්තිමත් වුනේ මත්ද්‍රව්‍ය ඡාවාරම් තුළින් බව පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් පවසා සිටියා. එම ප්‍රකාශය නිසා උතුරේ ද්‍රවිඩ නායකයින් සිත්රිදිලා. ඒත් ජනාධිපතිවරයා කියපු දේ ඇත්ත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට