පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක් කැදවයි..
පසුගියදා මෙරට තුළ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරූණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 24 වනදා යළි රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව එම කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයකු වන තරංග පතිරණ යන නිළධාරීන් කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ.