සත්‍යයේ පුවත් අඩහැරය….

එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි..

Podu Jana Peramunaබංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) සමත්විය. තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී මෙම ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තම දිවයිනේදී තරගාවලියක් ජයගැනීමට සමත්වූයේ මාස 44 කට පසුව වීම නිශේෂත්වයකි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කරමින් සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු සංඛ්‍යාව 238 ක් රැස්කරගන්නා ලදී. බංගලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98 ක් ලබාගත්තේය. අකිල ධනංජය, නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන කඩුළු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දක්ෂතා දක්වන ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩයම පන්දුවාර 44.4 කදී කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාගැනීමට සමත්විය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 82 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට