හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි අයෙකු බොරලැස්ගමුවේදී දැලේ..
හෙරොයින් ග්‍රෑම් 32 යි මිලිග්‍රෑම් 195 ක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිළධාරින්ට ඊයේ (30) හැකිවී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවටපත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි අයෙකු බව අනාවරණයවී ඇති අතර ඔහු අද (31) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.