ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පහළ නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම්..
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පහළ නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් විසි දෙදෙනෙකු, කාන්තා පොලිස් අධිකාරිවරියක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් විසි හතරදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විසි දෙදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දි ඇත.