සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළයුතු සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාසයි – ආචාර්ය මහීම් මෙන්ඩිස්

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහාම වෙනස් විය යුතුව ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත්විය යුතුව ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (05) කොළඹදී පැවති විශේ ෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මහීම් මෙන්ඩිස් මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් පළකළේ මෙලෙසිනි.

ජනතාව අද වන අපේක්ෂා කරන්නේ යුග පෙරළියක්. ජනතාවම පවසනවා අද වන විට මෙරට දේශපාලනය ගද ගසන තත්ත්වයකට පත්ව ඇති බව. මෙම තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම් ඊට සුදුසු නායකත්වයක් අවශ්‍ය බව තමයි ජනතාවගේ පිළිගැනීම වී ඇත්තේ. මෙහිදී ජනතාව වැඩිවශයෙන් කථාකරන්නේ දක්ෂ, කාර්යශූර, ආදර්ශමත් දේශපාලන නායකත්ව චරිතයක් වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගැනයි.

මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනීසිටින, ජනතා දුක හදුනන නායකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස චරිතය පෙන්වා දියහැකියි. ජනතා ගෞරවය කවදාවත් බලෙන් ලබාගන්න බෑ දේශපාලඥයෙකුට. එය ජනතාව තුළින්ම නිරායාසයෙන් ආයුත්තක්. සජිත් ප්‍රේමදාස මහතා වෙත මෙය ජනතාව තුළින්ම නිරායාසයෙන්ම ඇවිත් තිබෙන්නේ. ජනතාව තුළ පවතින එම විශ්වාසය මැතිවරණ වලදී සනාථ කිරීමටත් සජිත් ප්‍රේමදාසට හැකිවුනා. බහුතරයක් දේශපාලඥයින්ට වගේ මෙතුමාට දූෂණ හෝ වංචා ගැන චෝදනා එල්ලවී නෑ. මෙවැනි කරුණු සැලකිල්ලට ගනිමින් සජිත් ප්‍රේමදාස මහකා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර රටේ නායකත්වයට පත්කර ගතයුතුයි කියන මතයේ මා සිටිනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සමාජ විද්‍යාව පිළිබද ආචාර්ය මෙහොමඩ් මශීෂ් මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී.


රටේ පරිසරය සහ මිනිසුන් යහපත් වුවත් මෙරට තරුණයින් ඉගෙන ගෙන උත්සහ කරන්නේ විදෙස් ගතවීමටයි. ඒ තරම්ම ඔවුනට රට එපාවෙලා. ඊට හේතුව මේ රටේ පාලකයින්ගේ වැරදි. විදේශිකයින් යළි රට පාලනය කළානම් යහපත් බව සිතෙන තරමට රට එපා වෙලා ඉන්නේ සමස්ත ජනතාවම වගේ. 1993 සිට 2019 දක්වාම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය එකම පුද්ගලයෙක් වටා පවතින්නේ. තරුණ නායකත්වයකට ඉඩක් නෑ මේ වන විට රට තුළ. ඊට සුදුසු නායකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා හැදින්විය හැකියි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෙස රටම හදුනාගත් චරිතයක්. පවුල්, පන්තිය, කුලය බලා නායකයින් පත්කරගැනීම සිදුනොකළ යුතුයි. ඊට හොදම අවස්ථාවක් උදාවෙලා තිබෙන්නේ. එසේ නොවී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පෙර පරිදිම පැවතුනහොත් ඒක ලෝක වාර්තාවක් වේවි එකම පක්ෂයක දීර්ඝ කාලයක් පුරා රැදී සිටි නායකයා ලෙස.
මෙම මාධ්‍ය හමුව සදහා නීතිඥ ඉන්දික විජේවර්ධන, පෞරුෂවර්ධන උපදේශිකා අමා දිසානායක, හටපු ක්‍රීඩා අධ්‍යක්ෂිකා ට්‍රික්සි නානායක්කාර, විශ්වවිද්‍යාල කථිකාචාර්ය තිවංකි වික්‍රමසිංහ සහ ප්‍රවීණ රංගන ශිල්පී කුමාර ජයකාන්ත යන මහත්ම මහත්මීන් ද සහභාගි වී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට