විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 7437 ක් දැලේ..
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිට දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ වන විට බීමත් රියදුරන් 7437 ක් අත්අඩංගුවට ගෙන ඇති බවා පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (05) පෙරවරු 06.00 සිට අද (06) පෙරවරු 06.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 119 ක් අත්අඩංගුවට ගෙන ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.