යුද හමුදා මුලස්ථානය ඉදිරිපිටදී යුද හමුදා සෙබළෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගනියි..
යුද හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙකු අද (14) අළුයම් කාලයේ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. කොළඹ යුද හමුදා මුලස්ථානය ඉදිරිපිටදී මෙම හමුදා සාමාජිකයා සියදිවි හනිකරගෙන ඇත. පොළොන්නරුව, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි යුද සෙබළෙකු මෙසේ සිය දිවි හානිකරගෙන ඇත.