සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශ වෛද්‍ය සිසුන් සහ ERPM විභාගයේ සිසුන් රාජ්‍ය වෛද්‍ය පීඨවලට අනුයුක්ත රෝහල්වල වෙත පැමිණීම නිසා මෙරට වෛද්‍ය සිසුන් දැඩි අසාධාරණයකට ලක්වෙනවා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

Podu Jana Peramunaවිදේශ වෛද්‍ය සිසුන් සහ ERPM විභාගය සදහා සූදානම් වන සිසුන් රාජ්‍ය වෛද්‍ය පීඨවලට අනුයුක්ත රෝහල්වල වෙත පැමිණීමෙන් මෙරට රාජ්‍ය වෛද්‍ය පීඨවල සිසුන් දැඩි අසාධාරණයකට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග දියත්කරන්නැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අවධාරණය කර සිටියි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු දිදුල අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව සෞඛ්‍ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපියක මේ බව සදහන් කර ඇත.
එම ලිපිය මගින් වැඩිදුරටත් පහත කරුණු අවධාරණයට ලක්කර ඇත.
මෙරට ‌වෛද්‍ය සිසුන් සායනික පුහුණුව ලබන කළුබෝවිල ශික්ෂණ ‌‌රෝහල, උතූරු ‌කොළඹ ශික්ෂණ ‌‌රෝහල හා දිවයින පුරා ‌රොහල් වලට විදේශ සිසුන් ඉහළ ප්‍රමාණයක් දේශපාලන බලය මත යොමුකර මෙරට වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව දුර්වල කර එමගින් මෙරට සොඛ්‍ය ‌සේවාව තවදුරටත් විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එය ඉතා කණගාටුදායක තත්ත්වයකි.
එබැවින් මේ සම්බන්ධයෙන් නිසි අවධානය ‌‌යොමුුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. රජයේ සිසුන් අධ්‍යාපනය ලබන රෝහල් වලට විදේශ සිසුන් ‌යොමුනොකරන්නැයි සදහන් කරමින් චක්‍රලේඛයක් ඇතත් එය ද උල්ලංඝනය කරමින් බලධාරීන් කටයුතු කරමින් සිටින අතර මුදල් නිසා ජාතිය බිලිදිම ඒ තුළින් සිදුවන බව පැහැදිලිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට