සත්‍යයේ පුවත් අඩහැරය….

දූෂිත බෝට් හවුස් නිලවරණය වහාම අත්හිටුවන්න, නොකළොත් නීතිමය පියවර ගන්නවා – සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ

Podu Jana Peramunaපසුගියදා පැවති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම්කම හා සමූපකාර ණය ගනුදෙනු පිළිබද සමිතිය හෙවත් බෝට් හවුස් හි නිළවරණය, නාමයෝජනා කැදවීමේ සිටම නීත්‍යානුකූල නොවන බැවින් එය වහාම අත්හිටුවීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර සිටියි.සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ කැදවුම්කරු සමන්ත කෝරලේආරච්චි මහතාගේ අත්සනින් යුතුව සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති ලිපියක මේ බව සදහන් කර ඇත.

අදාළ ලිපියෙහි පහත පරිදි කරුණු සදහන් කර තිබේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම්කම හා සමූපකාර ණය ගනුදෙනු පිළිබද සමිතියේ (බෝට් හවුස්) 56 වන සංවත්සර මහසභා රැස්වීම හා නිළවරණය 2019.08.31 වන දින අනුරාධපුර යොවුන් නිකේතන ශාලාවේ දී පැවැත්වීමට එම පාලනාධිකාරිය කටයුතු යොදා ඇති අතර එහි කටයුතු නාමයෝජනා කැදවීමේ සිටම නීත්‍යානුකූල නොවන බව සදහන් කරමු. නාමයෝජනා ලබාදීම බහුතර සාමාජිකත්වයකට වසන් කර සිදුකර ඇති අතර සමුපකාර දෙපාර්තමේන්තුවට ද නොදන්වා නාමයෝජනා කැදවා විරෝධතා කැදවීම හා නාමයෝජනා පිළිගනීමත් ඒක පාර්ශිකව සිදුකර ඇත.

තවද මෙම නාමයෝජනා කැදවන ලද සමිතියේ ලේකම්වරයා වයස අවුරුදු 68 ක් වන සමුපකාර කොමිෂන් සභාව විසින් අනුමත නොකරන ලද පත්වීමක් සහිත අයෙක් වන අතර එවැනි තැනැත්තෙකු විසින් නිළවරණය සම්බන්ධයෙන් සිදුකරන කැදවීම ද නීත්‍යානුකූල නොවේ. මේ තත්වය දැනගත් මොහොතේම අප විසින් 2019.08.20 වන දින ලිපියක් මගින් ඔබ කාර්යාලයට මෙම දුෂිත නිලවරණය අත්හිටුවන ලෙස ඉල්ලා සිටි අතර ඉන්පසුව දින කිහිපයක් ඇතුලත සාමාජිකයින් 100 ක පමණ පිරිසකගේ අත්සන් සහිතව මෙම දුෂිත නිලවරණය අතහිටුවන ලෙසත් නැවත නාමයෝජනා කැදවා මාස දෙකක් ඇතුලත කොළඹදී නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින ලදි.

පසුව 2019.08.23 වන දින අප සංගමය සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා හමු වී මේ පිළිබදව සාකච්ඡා කළ අතර එහිදී කොමසාරිස්වරයා පැවසුවේ මේ වන විට නිලවරණය අත්හිටුවීමට කාලයක් නොමැති බවත් නිලවරණයෙන් පසුව සමිතියේ නව කාරක සභාව කැදවා සමිතියේ දුෂිත කටයුතු ඉවත් කරගැනීමට නියෝග ලබාදෙන බවයි. එනමුත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා, මෙම දුෂිත නිලවරණය පිළිබදව මුලින් දැනගෙන සිටිය යුතුව තිබුණා සේම සංගමය විසින් ලිඛිතව දැනුම් දුන් 2019.08.20 වන දින හෝ අවම තරමින් නිලවරණය අත්හිටුවීමට හෝ කටයුතු කළ යුතූව තිබිණි. එසේ නොකර දුෂිත නිළවරණයක් පැවැත්වීමට ඉඩදීම සමුපකාර මූලධර්ම, සමුපකාර පනත් හා සමුපකාර චක‍්‍රලේඛ වලට මුළුමනින්ම පටහැනිය.

එසේම මෙහිදී පත්වන දුෂිත පාලනයට තවත් වසර 03 ක් සදහා සමිතියේ බලය ලබාදීමෙන් 55000 ක් පමණ වන සමස්ත සාමාජිකත්වයම දැවැන්ත අසාධාරණයකට ලක්වේ. කෙසේ වුවත් අදාළ නිලවරණය අත්හිටුවීමට කටයුතු නොකළහොත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට