පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි රිමාන්ඩ්..
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිකරණය විසින් අද (30) නියෝග කරන ලදී. අදාළ නඩුව විභාගයට ගත් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (30) මෙම නියෝගය ලබාදී ඇත. වෙන්නප්පුව, සීනෝර් හංදියේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් හා ඇගේ සහෝදරිය අත්අඩංගුවට පත්විය.