සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය බැංකු වෙත කරන නීතිවිරෝධී සහ අත්තනෝමතික බදවාගැනීම් වහා අත්හිටුවන්න, ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ නීතිවිරෝධී ලෙස මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සදහා අත්තනෝමතික ආකාරයට බදවාගැනීම් සිදුකරමින් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවත් ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (01) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා විසිනි. එහිදි ඒ මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

බදවාගැනීම පටිපාටියට බැහැරව, ගුප්ත ආකාරයට රාජ්‍ය බැංකු සදහා මේ වන විට බදවා ගැනීම් සිදුකරමින් තිබෙනවා. මෙම තත්ත්වයට අපි කිසිසේත්ම එකග වන්නේ නෑ. මේ බදවා ගැනීම් සදහා නිසි ප්‍රතිපත්තියක් තිබුනත් එම ප්‍රතිපත්තියෙන් බැහැරව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව දේශපාඥයින් විසින් මෙසේ බදවාගැනීම සිදුකරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශය ද දැනුවත් කිරීමට කටයුතු කළා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාත් මෙම තත්ත්වය පිළිබදවා දැනුවත් කළා. ඒත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ අපට. මේ සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය තුළ අපේ සංගමයේ සියළු සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරනවා.

ඉන් පසුවත් මෙම අත්තනෝමතික ක්‍රමවේදය නැවැත්වීමට බලධාරීන් කටයුතු නොකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට අපි පසුබට වන්නේ නෑ.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා බැංකු සේවක සංගමෙයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහ එම සංගමයේ මහජන බැංකු ශාඛාවේ නියෝජිත ගයන්ත ගගබඩගේ යන මහත්වරුන්ද සහභාගි වෙමින් අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට