සත්‍යයේ පුවත් අඩහැරය….

රාජපක්ෂවරු හැමවිට කළේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සා එය දියකර ජනතාවට පොවා බලයට පැමිණ ජනතා මුදල් කොල්ලකෑමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල්

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියතාවයට මඩගැසීමේ අරමුණින් ඇතැම් පිරිස් විසින් ඒ මහතාට සහ ඒ මහතාගේ භාර්යාවට විවිධ චෝදනා එල්ලකරමින් සිටින බවත් ඒ මහතා කළ සේවය පිළිබද කථානොකර මේ අකාරයට මඩගැසීම ලැජ්ජා සහගත ක්‍රියාවලියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (08) කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී නානායක්කාර මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

බිම් මට්ටමේ ජනතා නායකයෙකු ලෙස හැදින්විය හැකි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ජයගන්නවා. විදෙස් පුරවැසි භාවයක් නොමැති සජිත් ප්‍රේමදාස මහතා නියම ශ්‍රී ලාංකිකයෙක්. ඒ මහතාට නඩු හෝ වෙනත් චෝචනා නෑ. එතුමා කථාකරන්නේ හදවතින්. දුප්පත් ජනතාවට දැනෙන විදියට. බුද්ධ ශාසනයට හෝ බුදුරජාණන් වහන්සේට කිසිදු විටෙක සජිත් ප්‍රේමදාස මහතා අපහාස කරන්නේ නෑ. නමුත් ඇතැම් පිරිස් එතුමාට චෝදනා එල්ලකරනවා බුදුරජාණන් වහන්සේට අපහාස කළ බව පවසමින්.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ද සහභාගි වූ අතර ඔහු පඑත පරිදි අදහස් පළකරන ලදී.

ලබන 10 වනදා සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන පළමු රැළිය කොළඹ, ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙනවා. මෙරට ඉතිහාසයේ කවරදාකවත් නොපැමිණි ජනතාවක් එදාට ගාලුමුවදොරට එනවා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වලිගයේ එල්ලී ගොඩයන්න උත්සහ කරමින් සිටින්නේ දැන්. හිස්බුල්ලා මහතාත් එක් පසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරීමේ කාර්යය අරඹලා. ඒකය ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ. රාජපක්ෂවරුන් හැමවිටම කළේ ජතිවාදය සහ ආගම්වාදය අවුස්සලා එය දියකර ජනතාවට පොවලා ඒ තුළින් බලයට පැමිණ ජනතා මුදල් කොල්ලකෑම. මෙවරත් ඔවුන් කරන්න හදන්නේ ඒකම තමයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට