සත්‍යයේ පුවත් අඩහැරය….

හිස්බුල්ලා මේ කරන්නේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Podu Jana Peramunaමුස්ලිම් ජාතිකයෙකුට මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගත නොහැකි තත්ත්වයකදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි. අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළකරන ලද අතර එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දැක්වීය.

රාජපක්ෂ කල්ලිය සහ හිස්බුල්ලා අතර තිබෙන ගිවිසුම් මෙනවාදැයි ඔවුන් වහාම රටට හෙළිකළ යුතුයි. මුස්ලිම් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම වැළැක්වීමට තමයි හිස්බුල්ලාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. හිස්බුල්ලා සමග කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බව ගම්මන්පිල මහතා පවසා සිටිනවා. එය අපට පිළිගන්න බෑ. නමුත් එස්.බී දිසානායක මහතා පවසා තිබුනා හිස්බුල්ලාගේ සහය ගෝඨාභය රාජපක්ෂට කියලා. මෙරට ප්‍රගතිශීලි ජනතාවගේ සහය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන්නේ. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහයත් මේ වන විට ගෝඨාභය රාජපක්ෂට හිමිවෙලා. ඒ අනුව දැන් තේරෙනවා තත්ත්වය. අන්තවාදීන් සියළුදෙනා එකම කණ්ඩායමකට එක්වෙලා සිටින්නේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට