සත්‍යයේ පුවත් අඩහැරය….

නොදන්වා විදෙස්ගතවූ සී.අයි.ඩි යේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට එරෙහිව විනය පරීක්ෂණ..

Podu Jana Peramunaදෙපාර්තමේන්තුවට නොදන්වා විදෙස්ගතවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාට එරෙහිව විනය පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. නිල අවසරයක් නොගෙන සිය පවුලේ සාමාජිකයින් සමග මෙසේ විදේශගතවීම නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර තිබේ. යම් පොලිස් නිලධාරියෙකු විදේශගත වන විට ඊට ආරක්ෂක ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගත යුතු අතර පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා එවැනි අනුමැතියක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් හට පහරදීම ඇතුළු රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් රාශියක් පිළිබද විමර්ශන සිදුකර ඇත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතායි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට