සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටට එරෙහි ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වූ 30 (I) යෝජනාවට මුහුණදීමට අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරමින් සිටිනවා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaපසුගිය ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ මෙරටට එරෙහිව ජිනිවා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත්වූ 30 (I) යෝජනාවට මුහුණදීම සදහා මේ වනවිට අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් මෙම අදහස් පළකරන ලදි. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් නුවන් බැල්ලන්තුඩාව මහතා පහත පරිදි අදහස් දක්වා සිටියේය.

මේ වනවිට මෙරට තානාපති කාර්යාල, නිහඩව සිට බෝම්බ අතහරින තත්ත්වයට පත්වෙලා. 30 (I) යෝජනාවට අභියෝග කරන්න අවශ්‍ය කටයුතු කරනවා අපි. ලබන වසරේ ජිනිවා මානව හිමිකම් කොමිෂන් සභාව රැස්වෙනවා.

මෙම මාධ්‍ය හමුවට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද සහභාගි වෙමින් පහත පරිදි අදහස් පළකරන ලදී.

දමිළ ජාතිතයෙකු වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා සිංහල නම් යොදාගනිමින් මෙරට රණවිරුවන්ට එරෙහිව ව්‍යාජ චෝදනා එල්ලකිරීමට ගත් උත්සහයන් නිෂ්ඵල වූනා. ඒ නිසයි ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවූ වහාම සිය පවුලේ සාමාජිකයින් සමග විදෙස්ගතවීමට කටයුතු කළේ. ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට මේ විදියට විදෙස්ගත වෙන්න බෑ. ඔහුට ස්විස්ටර්ලන්තයේ වීසා ලැබුනේ කොහොමද කියලා අපි විමසනවා. මෙරටට එරෙහිව ජිනිවා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත්වූ 30 (I) යෝජනාව අහෝසි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුව බලයට පත්වුනේ බටහිර රටවල සහය නොමැතිව. ඒ නිසා ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ද සහභාගිවී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට