වාරියපොළ බන්ධනාගාරයේ වෙඩි තැබීමක්, රැඳවියෙකු රෝහලේ..
අද (20) දහවල් කාලයේ වාරියපොළ බන්ධනාගාරයේ සිදුවු වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. කුඩා ප්‍රමාණයේ පිස්තෝලයකින් තවත් රැඳවියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙහිදී තුවාල ලැබූ අනෙක් රැඳවියා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.