සත්‍යයේ පුවත් අඩහැරය….

2020 වෙනුවෙන් පාර්ලිිමේන්තුවේ වෙනස්කම් රැසක් ..

Podu Jana Peramuna2020 ජනවාරි 03 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ අසුනක් වෙන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.සාමාන්‍යයෙන් කථානායකවරයාගේ අසුන ඇති ස්ථානයේ එම අසුන පැනවෙන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරන ලදී. ඒ අනුව කථානායකවරයාට ඉන් පහළ අසුනක් පනවනු ලැබේ. නව පාර්ලිමේන්තු සැසියේදී ආසන පැනවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මීට පෙර පනවා තිබූ ආසන වෙනස් නොවන බව මෙහිදී ප්‍රකාශ කරන ලදී. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ආසන පැනවීමේ වෙනසක් සිදුවීමට නියමිත බව ද සඳහන් වේ. ඒ අනුව ජනාධිපතිවරයා වෙත ආණ්ඩු පක්ෂයේ 08 වන අසුන සාමාන්‍යයෙන් වෙන් කර තැබෙනු ඇති අතර අග්‍රාමාත්‍යවරයාට 07 වන අසුනත්, සභානායකවරයාට 06 වන අසුනත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට 05 වන අසුනත් වෙන් කිරීමට නියමිතව ඇත. විපක්ෂයේ ආසන පැනවීමේදී එහි 08 වන අසුන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙන් කර තැබෙනු ඇති අතර එය විපක්ෂ නායකවරයාට හිමි අසුනයි. 07 වන අසුන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් වන අතර සෙසු ආසන පක්ෂ නායකයින්ගේ අනුපිළිවෙළින් වෙන් කර තැබෙනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වෙනුවෙන් විපක්ෂයේ අසුනක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ අසුන්ද වෙන් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට