ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අද එරට සෙනට් මණ්ඩලයට..
බලතල අයුතු ලෙස භාවිතා කිරීම සහ කොංග‍්‍රස් මණ්ඩලයේ කටයුතු වලට බාධා කළ බවට චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගය අද (16) එරට සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. කොංග‍්‍රස් මණ්ඩලයේ කතානායක මෙන්ම ප‍්‍රබල ඩිමොක‍්‍රටික් පාක්ෂිකා නැන්සි පෙලෝසි විසින් මෙම දෝෂාභියෝග යෝජනාව ගෙන එන ලද අතර ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය ඒ සඳහා සිය ඡන්දය භාවිතා කිරීම නිසා දෝෂාභියෝගය අද සෙනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.