සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරයාට රජය පවත්වා ගෙන යාමට සහය දිය යුතුයි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා …

Podu Jana Peramunaගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික වැඩ පිළිවෙළ ශක්තිමත් කර සංවර්ධනය වේගවත් කිරීම සදහා ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සාධනීය වෙනස් කම් රැසක් සිදු කිරීමට ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් එතුමාට ලබා දිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුද නිසා එම පක්ෂයේ සාමාජිකයින් අපි සමග එක්වෙමින් සිටිනවා අපි ඒ අයව සාදරයෙන් පිළි ගන්නා බවද මහියංගනය රිදී මාලියද්ද ජනතාවට පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා එම ප්‍රෙද්ශයේ ජනතාව පසුගිය (19) වන දින හමුවු අවස්ථාවේදි් ඒ මහතා වැඩිදුරටත් අදහස් කරන ලදි. රටේ දිශා නිතිය වෙනස් කර හොද දිශාවකට හැරවීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඔබ ලබාදුන් ඡන්දය අහක ගියේ නැහැ. එය ජනතාව මෙන්ම රටක් ලෙස ගත් පසුවත් වැඩදායි ඡන්දයක් බවට පත් වුණා. වැට් බද්ද ඇතුළු බදු රාශියක් අඩු වුණා.ගොවි ජනතාවට බලපාන බෝග වර්ග කිහිපයක් පිට රටින් ගෙන්වීම දැන් නතර කර තිබෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරනු ලබන තවත් බෝග කිහිපයක් ගෙන්වීම තහනම් කිරීමට ඉදිරියේදී රජය කටයුතු කරනවා. ඒත් සමගම ගොවි ජනතාවගේ ආර්ථිකය අතමිට සරු හොද එකක් බවට පත් වෙනවා. බඩ ඉරිගු ගෙන්වීම තහනම් කළා. කුරක්කන් මෙනේරි අල කව්පි මේ වගේ ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා ගෙන්වන එකත් අපි තහනම් කරනවා.

අද ගම්මිරිස්වල මිළ වැඩි වෙලා තියෙනවා. මේ සියලු සහන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට ලබාදීමට කටයුතු කළා. එතුමා මේ රටේ ආර්ථිකය ගොඩ නංවමින් සිටිනවා. ඒ නිසා අපි එතුමාව ආරක්ෂා කර ගත යුතුයි. එතුමාගේ ඉදිරි ආර්ථික වැඩ පිළිවෙළ ශක්තිමත්ව සිදු කිරීම සදහා සංවර්ධනය ඇති කිරීම සදහා ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සාධනීය වෙනස් කම් රැසක් සිදු කර දිය යුතුයි. ඒ සදහා ඉදිරි මහ මැතිවරණයේදී විශිෂ්ට ජයක් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට