සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්තවාදය මර්දනය කරන්න ශ්‍රී ලංකාවට සම්පුර්ණ සහයෝගය ලබාදෙනවා – ඇමෙරිකාව ..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතාවයේ දී ත්‍රස්තවාදය මර්දනය කිරීමට ප්‍රමුඛ අවධානය යොමුකර ඇති බව අමෙරිකාව පවසයි. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද අමෙරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඊයේ අමෙරිකානු මධ්‍යස්ථානයේ දී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ කලාපයේ පැවති ත්‍රස්තවාදී තර්ජන ඉතා ප්‍රබලව පැවති අතර එම ගැටලුව ඉතා ඉක්මනින් මගහැර යා නොහැකි බවයි. ශ්‍රී ලංකාව සමඟ ගැඹුරු සහ සමීප සබඳතාවක් පවත්වාගෙන යන බව පෙන්වාදුන් ජොනතන් හෙනික් මහතා ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව අමෙරිකාවේ වැදගත්ම පාර්ශවකරුවෙකු බව පවසා ඇත. ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් සමඟ ද වෙරළ ආරක්ෂාව, නිදහස් ගමනාගමනය ඇතුළු කරුණු පිළිබඳ සහයෝගයෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට