සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගනී ..

Podu Jana Peramunaඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (9) දින එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.අග්‍රාමාත්‍යවරයා වරනාසී සහ සාරානාත් ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත් සාරානාත්හි කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යාභූමියේ සංචාරයක නිරත වීමටත් නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කරයි. ඉන්දීය රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමුනියම් ජයශංකර් මහතා සමඟත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟත් සාකච්ඡා පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් ආරක්ෂක, සංස්කෘතික, දේශපාලනික, සංචාරක ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවත් අවධානය යොමු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට