සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා මරණ 05 දක්වා ඉහළට ..

Podu Jana Peramunaවැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 40 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බවයි. ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ රාත්‍රී වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 159 ක් වාර්තා වු අතර සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24ක් වේ. ඒ අනුව තවත් රෝගීන් 131 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි. මේ අතර නව කොරෝනා වෛරසය අසාධනය වුවන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරික්ෂණයන් සංඛ්‍යාත්මකව  ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට