කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කණ්ඩායම් වශයෙන් රැස්ව සිටින පිරිස අත්අඩංගුවට ගැනිමට මෙහෙයුම් ..
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස සංකිර්ණ හා විවිධ ස්ථානවල සමුහ වශයෙන් රැස්ව සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ මහතා වැඩිදුටත් පවසා සිටින්නේ එවැනි කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට ලැබී ඇති බවයි. කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නන්ගේ ඉල්ලීම පරිදි එම කටයුතුවලදි භාවිත කරන යන්ත්‍ර සුත්‍ර අලුත් වැඩියා කිරිමේ ස්ථාන සඳහා ඇඳිරි නීති සීමාවන් ලිහිල් කිරිමට තීරණය කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත්ප් පවසා සිටින ලදී.