සත්‍යයේ පුවත් අඩහැරය….

පියෙකුගෙන් දරුවන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ..

Podu Jana Peramunaකොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පියෙකුගෙන් ඔහුගේ දරුවන් තිදෙනාටද වෛසරය ආසාදනය වු පුවතක් පුත්තලමෙන් වාර්තා වේ. මෙම දරුන්ගේ පියා ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයෙක් වන අතර වෛරසයට ගොදුරු වු දරුවන් අවුරුදු 11, අවුරුදු 9 සහ අවුරුදු 5 යන වයස්වල පසුවන්නන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම දරුවන් වාර්තා වුණේ පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන්. එම මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින පිරිස 84 ක්. එහි සිටි පුද්ගලයින් 35 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට දැනටමත් තහවුරු කර ගෙන ඇති අතර එයින් පුද්ගලයින් 21 දෙනෙකු මුස්ලිම් ජාතිකයන් වේ. මේ අතර මීගමුව, අක්කර 50 ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 4 යි මාස 6 ක දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති අතර එම දරුවාද මේ වන විට මීගමුව රෝහලට ඇතුලත්යි කර ඇත. මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ පිරිසක් ජීවත් වන කුලියාපිටිය, කටුපොත පාරේ, කැකුණගොල්ල ගම්මානයේ නිවාස 23 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. කිසියම් අයෙකුට කොරෝනා රෝග ලක්‍ෂණ පවතින්නේ නම් 1390 අංකයට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට