සත්‍යයේ පුවත් අඩහැරය….

කැකිරාව පොලිස් නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධානයට ..

Podu Jana Peramunaකැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. අපරාධ චෝදනාවකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (5) පස්වරුවේ කැකිරාව ඉහලගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේ නවාතැන්පලක දින කිහිපයක් රැදී සිට ඇති බව සඳහන් වේ. අදාල සැකකරු සමඟ ඔහුගේ සහෝදරයෙකු ද නවාතැන්පලේ එකම කාමරයේ රැඳී සිට ඇති බවයි වාර්තා වේ. මෙම සහෝදරයාට කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර මහ රෝහල වෙත ඉදිරිපත් කර  ඇත. අනුරාධපුර, කුරුදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාල වැටලීම සඳහා ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින් 08 දෙනෙකු සැකකරු මෙන්ම නවාතැන්පලේ හිමිකරු ද ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර  ඔවුන් කැකිරාව පොලිස් ස්ථානයේ වෙනම ගොඩනැඟිල්ලක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට