සත්‍යයේ පුවත් අඩහැරය….

සමඟි ජන බලවේගයෙන් මුඛ ආවරණ 10000 ක් සෞඛ්‍ය අංශයට ..

Podu Jana Peramunaසමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමඟි ජනබලවේගය සංවිධානය විසින් මුඛ ආවරණ 10000 ක් සෞඛ්‍ය අංශය වෙත ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.ඊයේ (05) සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතා වෙත මෙම මුඛ ආවරණ ලබාදිම, සමඟි ජනබලවේගයේ ක්‍රියාකාරින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, සුජිව සේනසිංහ සහ එස්.එම් මරික්කාර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත. සමඟි ජන බලවේගය විසින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට කටයුතු කළ අතර එම අරමුදල මඟින් මෙලෙස මුඛ ආවරණ ලබාදීමට කටයුතු යොදා ඇති අතර ඉදිරියේ දී පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශයන්ට සහ අත්‍යවශ්‍ය සේවා වල නියුතු රාජ්‍ය නිලධාරින්ට ද මුඛ ආවරණ ලබාදීමට නියමිත බව මෙම සන්ධානය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට