සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ උත්සහය කොරෝනා අවසන් බව පෙන්වා කෙසේ හෝ මැතිවරණය පවත්වා බහුතර බලය ලබාගැනීමයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaකොරෝනා වසංගතය හමුවේලොව අන් රටවල් සියල්ල සිය ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා අවශ්‍ය සියළු කටයුතු සිදුකරමින් සිටිය ද ශ්‍රී ලංකාව කුළ එවැනි කිසිදු ආකාරයක වැඩපිළිවෙලක් දියත් නොවන බැවින් මෙරට ආර්ථිකයේ දැඩි පසුබෑමක් ඇතිවිය හැකි බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (19) කොළඹ පිහිටි සමඟි ජන බලවේගය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රින් තුසිතා විජේමාන්ත මහත්මිය විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහත්මිය පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකළාය.

අවශ්‍ය වන කෘෂී උපකරණ සහ පොහොර නොමැතිවීම නිසා මෙරට ගොවීන් මේ වනවිට දැඩි අපහසුතාවයකට ලක්වෙලා. ආණ්ඩුවට බලයට එනවිට පවසා සිටියේ පොහොර නොමිලේ ලබාදෙන බව වුනත් අද මිලදී ගැනීමට හෝ පොහොර නෑ.

කොරෝනා වෛරසය අවසන් වූ පසු මෙරට ජනතාවට මානසික ආතතියෙන් ජීවත්වීමට සිදුවේවි. පාසල් දරුවන් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමුකළ යුතු වනවා. පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය මෙරට සිසුන්ට ටැබ් යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන විට වත්මන් ආණ්ඩුවේ පිරිස් එය හෑල්ලුවට ලක්කළා.

වත්මන් රජයට අවශ්‍යව තිබෙන්නේ කොරෝනා වෛරසය මර්දනය කිරීම නොවෙයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම අවසන් බව පෙන්වා කෙසේ හෝ මැතිවරණය පවත්වා බහුතර බලයක් ලබාගැනීමට තමයි ආණ්ඩුව උත්සහ කරන්නේ. අපි මාධ්‍යයට විශාල නිදහසක් ලබාදුන්නා.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ද සහභාගි වූ අතර ඒ මහතා පහත පිරිදි මාධ්‍ය වෙත සිය අදහස් පළකළේය.

සුනාමි අවස්ථාවේ මෙරටට ලැබුනු ආධාර නිසි පරිදි කළමණාකරණය කළේ නෑ එවකට සිටි ආණ්ඩුව. ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට