සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මනෝ රනිල් හමුවීමට යයි..

ManoGanesan24ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් පසුගිය මහමැතිවරණයෙදී එජපය යටතේ මහනුවරින් තරග කර පරාජයට පත් විය. එහෙත් ඔහු එජාප ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් ඉල්ලුවද එජාප නායකත්වට එය ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව එජාප නායකත්වය කෙරෙහි කලකිරී සිටි මනෝ ගනේෂන් අද ඔහුගේ පක්‍ෂයේ සමාජිකයින් ද සමග එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවට යාමට සූදානමින් සිටින බව පක්ෂ ආරංචි මාර්ග තහවුරු කර ඇත. එම සාකච්ඡාව සහභාගී වීමට ප්‍රථමව තම පක්ෂයේ සාමාජිකයින් සමග රැස්වීමක් පැවැත්වීමට මනෝ ගනේෂන් කටයුතු කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

උසස් වීම් ක්‍රමය පිළිගන්න අපිට බෑ..පොලිස් පොඩ්ඩන් කියයි..

sri_lanka_police_cap_badgeපසුගියදා පොලිස්පති විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ පිළිබදව පොලිස් පොඩ්ඩන් ගෙන් විමසූ විට පැවසූවේ කොස්තාපල් කෙනෙකුට ලබා ගත හැකි උපරිම නිලය සාජන් බවත් හා උප‍ පොලිස් පරීක්ෂකවරයින්ට ලබා ගත හැකි උපරිම නිලය ප්‍රධාන පොලිස් පරීක්ෂක බවත්ය. නව චක්‍රලේඛයට අනුව පොලිස් කොස්තාපල් සිට සාජන් දක්වා උසස් වීමට නම් අවු20ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුය. සාජන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වීමට අවු 15ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුය. වැඩිපුර කියවිමට.. »

මංගල හදිසියේ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස් කරයි..

mangala samaraweeraශ්‍රීලනිප මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර ලබන 27 වන දින පක්ෂ කෘත්‍යාධීකාර මණ්ඩලය රැස් වන ලෙස පක්ෂ සාමාජිකයින්ට දැනුම් දී ඇත.එසේ හදිසියේම පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස් කීරීමට පියවර ගෙන ඇත්තේ මෙවර ජාතික ලැයිස්තුවෙන්, මහජන පාර්ශවයේ ජාතික සංවිධායක රුවන් ෆර්ඩිනෑන්ස්ට මන්ත්‍රී ධූරයක් නොලැබීම ගැන සාකච්ඡා කිරීමට බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. වැඩිපුර කියවිමට.. »

AOG ය රනිල්ගේ ජාතික ලැයිස්තුවට බලපෑම් කරයි..

palliya_frontඑක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් ඇතුළත්  කර ඇත්තේ නාරාහේන්පිට කිරිමණ්ඩල පාරේ පිහිටි පල්ලියක බලපෑම් මත දැන් හෙලි වි ඇත. මෙම මූලධර්මවාදී පල්ලිය සුභ ආරංචි මධ්‍යස්ථානය ලෙස හදුන්වන අතර රට පුරා සිටින ‍සිංහල බෞද්ධ ජනතාවට මුදල් ගෙවා ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ කාර්යයේ නියලී සිටී. වැඩිපුර කියවිමට.. »

අගමැති ලේකම් ධූරයේ වෙනසක්..

sirisena amarasekaraනව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර පත් කර තිබේ. මීට පෙර හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මහින්ද බන්දුසේනය. වැඩිපුර කියවිමට.. »

මර්වින්ට නියෝජ්‍ය ඇමති ධූරයක්..

mervin silvaපසුගිය රජයේ අවසාන කාලයේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිධූරය ජනාධිපති යටතට ගෙන තිබුණි. එබැවින් මෙවර ද ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට කිසිදු කැබිනට් අමාත්‍යව‍රයෙක් පත් කර නොමැත. එහෙත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා පත් කර ඇත. මර්වින් සිල්වා ඇතැම් ජනමාධ්‍ය සමග යම් යම් ගැටලු ඇති කර ගත් අයෙකි. වැඩිපුර කියවිමට.. »

දයාසිරි සජිත් එජාප නිතිඥයින් හමුවෙති..

dayasiri and sajithඊයේ රාත්‍රී ජාතික නිතිඥ සංගමයේ ලේකම් ගුණරත්න වන්නිනායකගේ ආරාධනයක් පරිදි එජාප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් එතුමාගේ ‍බොරලැස්ගමුව නිවස වෙත එක් රැස් විය. ඒ එජාප නායකත්වයේ සිදු විය යුතු වෙනස් කමක් ගැන සාකච්ඡා කිරීමටය. රාත්‍රී 8 සිට පැය 5කට වඩා කාලයක් පවත්වා ඇති මේ සාකච්ඡාවට එජාපයේ සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ හා තලතා අතුකෝරල යන අය සහභාගී වී ඇත. වැඩිපුර කියවිමට.. »

මුසම්මිල් රට යයි..

muzamil_mජාතික නිදහස් පෙරමුණු සාමාජික මුසම්මිල් මෙවර රජය සමග එකතු වී කටයුතු කළ අයෙකි.  ජානිපෙ නායක විමල් විරවංශ මුසම්මිල්ටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දෙන ලෙස එජනිස යෙන් ඉල්ලුවද ඔහුගේ එම ඉල්ලීම ඉටු වූයේ නැත. වැඩිපුර කියවිමට.. »

මැති ඇමතිවරු දිවුරුම් දෙයි, එස් බී හා කෙහෙලිය කැපේ..

s b and keheliyaමීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේදී කැබිනට් අමාත්‍යවරු 37 දෙනෙක් දිවුරුම් දෙන ලදී. එහෙත් මහනුවරින් තරග කර ජයග්‍රහණය කළ එස්.බී දිසානායකට හා කෙහෙළිය රඹුක්වැල්ලට කිසිදු කැබිනට් අමාත්‍යංශයක් භාර නොමැත. කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය රජයේ හිටපු ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ද වේ.

එජාප මහලේකම් හදිසියේම විදේශ සංචාරයක..

tissa in airplaneඑජාප මහලේකම් තිස්ස අත්තනායක අද හදිසියේම ඇමරිකාවේ සංචාරයක් සදහා පිටව ගොස් ඇත. එම විදෙස් ගමනට එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරියක්ද සහභාගී වී ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග තහවුරු කර ඇත. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට එජාපයේ පළාත් සභා නියෝජනය කළ බෝහෝ මන්ත්‍රීවරු අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් විය. එසේ ඉදිරිපත්ව ජයගත් මන්ත්‍රීවරුන්ගේ පුරප්පාඩු පිරවීමට තිබියදී තිස්ස අත්තනායක විදෙස් ගත වීම පිළිබදව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මවිතය පල කර ඇත.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්185 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්194  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්183  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්184  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්185  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්186  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්187 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට