සත්‍යයේ පුවත් අඩහැරය….

බාහිර රෝගී අංශ පැය 24 ම විවෘත කිරීමට පූර්ණ සහය – ඖෂධ සංයෝජන නිලධාරීන්ගේ සංගමය

images (6)රජයේ රෝහල් වල බාහිර රෝගී අංශය පැය 24 පුරාවට විවෘත කරීමට ගත් තීරණයට රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ සහාය පළ කොට ඇත. පසුගිය 03 දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා  සමඟ කළ සාකච්ඡාවකදී  මෙම තීරණයකට එළැඹි බව එම සංගමයේ ලේකම් රොමේෂ් යූ. හෙට්‌ටිගම සඳහන් කරයි. බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කිරීමේ සේවාවේ යෙදෙන තම සාමාජිකයන් මෙම 15 වැනි දින සිට පැය 24 පුරාම සේවාවේ යෙදීමට නියමිත බව ද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.

සේවක වැටුප් වැඩි කිරීම ගැන රජය අවධානය යොමු කරනවා – කම්කරු අමාත්‍ය

gamini-lokugeරාජ්‍ය සහ පුද්ගලික අංශයවල සේවක වැටුප් වැඩි කිරීම පිළිබදව රජය අවධානය යොමු කර ඇතැයි කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කර සිටියි. පුද්ගලික අංශය ගැන රජයට සෘජු තීන්දුවක්‌ ගත නොහැකි බවත් පඩිපාලක සභා සහ අනෙකුත් අංශ සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියි. පසුගිය කාලය පුරා සමස්‌ත ආර්ථිකය විවිධ අභියෝගයන්ට ලක්‌ව දැන් ක්‍රමයෙන් ශක්‌තිමත් වෙමින් පවතින බවත් ක්‍රමයෙන් ජනතාවට සහන සලසා දීමට රජය කටයුතු කරගෙන යන බවත් අමාත්‍ය ගාමිණී ලොකුගේ වැඩිදුරටත් පැවසීය.

පොලිස්පති වගකීම ඉටු කිරීමට සූදානම් වේ..

IGPමත්ද්‍රව්‍ය උවදුර මර්දන කිරීම සදහා පොලිසිය සතු වගකීම ඉටු කිරීමට සුදානම් බව පොලිස්පති මහින්ද බාලසූරිය පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලසීමාවේදී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා පොලිස් නිලධාරීන් කැපවී කටයුතු කළ බවයි. කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේය. වැඩිපුර කියවිමට.. »

වයඹ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අතහරී..

doctorsඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුමක් ලැබීම හේතුවෙන් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ නොවීමට වයඹ පළාත් රජයේ රෝහල් වල වෛද්‍යවරුන් තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

යාපනයට ගිය සිංහල ජනතාවට තවම සාධාරණය ඉෂ්ඨ වෙලා නෑ – ජාතික හෙළ උරුමය

DSC06458උතුරේ නැවත පදිංචියට ගිය සිංහල ජනතාවට මේ දක්වා කිසිදු සාධාරණයක් ඉෂ්ඨ වී නොමැති බව ජාතික හෙළ උරුමය පක්ෂය පවසා සිටියි. ඊයේ (04) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් මෙම අදහස් පළ කරන ලදී. වැඩිපුර කියවිමට.. »

බාහිර රෝගී අංශ රාත්‍රී 8 දක්වා විවෘතව තැබී‍මෙන් ගැටළු රැසක් – සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

children_health_careජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව බාහිර රෝගී අංශ රාත්‍රී 08 දක්වා විවෘතව තැබීමට පියවර ගැනීම නිසා රෝහල් තුළ අර්බුදකාරී තත්වයන් රැසක් ඇති විය හැකි බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. වැඩිපුර කියවිමට.. »

දීපාවලී උත්සවය අදයි..

deepavaliඅද (05) දීපාවලී උත්සවය දිනයයි. ලොව පුරා හින්දු ජනතාව අද ඉමහත් බැති සිතින් දීපාවලී උත්සවය සමරති. මෙම වැදගත් උත්සවය ආලෝකයේ බැබලීම මූර්තිමත් කරන්නා සේම  පාපය පරදා යහගුණ බලවත්වූ අවස්‌ථාවක්‌ සේ සලකනු ලැබේ. වැඩිපුර කියවිමට.. »

සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට නියෝග..

Supreme_Court_Colomboආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යුද අධිකරණය පිළිගත් අධිකරණයක් ද? යන්න තීරණය කිරීමට සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීමට නියෝග කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ඉදිරි කටයුතු සඳහා නඩු ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකරන ලෙස නියෝග ලබා දී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 4 ක්‌ සඳුදා සිට විවෘතයි – උපකුලපති

images (5)පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, ඉංජිනේරු, විද්‍යා සහ ශාස්‌ත්‍ර පීඨයන්හි සියලු අධ්‍යයන කටයුතු 08 වැනිදා (සඳුදා) නැවත ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 07 වැනිදා (ඉරිදා) අදාළ නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙසත් විශ්ව විද්‍යාල පාලානාධිකාරිය විසින් දැනුම් දී ඇත.

ළමා රෝහලේ ආරක්ෂාවට පොලිසිය..

Pol.sri_lankaබොරැල්ල ළමා රෝහලේදී මිය ගිය බිළිඳු දරුවකුගේ පියා විසින් වෛද්‍යවරියකට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඊයේ (04 දා) සිට ළමා රෝහලේ ආරක්‍ෂාව තර කර තිබේ. ළමා රෝහලේ බාහිර රෝගී අංශය හා වාට්‌ටුවල ආරක්‍ෂාව සඳහා පොලිසිය යොදවා ඇති රෝගී ළමුන් සමග දෙමව්පියන් හැරෙන්නට වෙනත් පුද්ගලයන්ට බාහිර රෝගී අංශය හා වාට්‌ටුවලට ඇතුළු වීම සීමා කර තිබේ. පොලිසිය හා රෝහල් පරිපාලනය අතර පැවැති සාකච්ඡාවලින් පසුව වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්‌ඩලයේ ආරක්‍ෂාව සදහා මෙම පියවර ගෙන ඇත.

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්297 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්370  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්295  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්296  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්297  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්298  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්299 » ...  Last » 

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට